in

2020 නොස්ත්‍රදාමුස්ගෙන් අනාවැකි – ට්‍රම්ප් නැවත දිනයි – 3 වනලෝක යුද්ධයක් ඇතිවේ – ඉන්දියාවේ ජපානයේ භූමිකම්පාවන්

16 වන සියවසේ ප්‍රංශයේ ජීවත් වූ ප්‍රංශ අනාගත වක්තෘවරයෙක් වන නොස්ත්‍රදාමුස් සිතාගන්නවත් අපහසු තරමේ අනාවැකි ඊයේ අද මෙන්ම හෙට ගැන පළ කර තිබෙන අයෙකි.
ලෝකය දියුණුවට පත් නොවූ කාලයක මෙතරම් නවීන සොයාගැනීම් කිසිවක් නොසිදුවූ කාලයක අනාගත දිනවල සිදුවිය හැකි ව්‍යසනයන් ගැන ඔහු පුරෝකථනය කළේ කෙසේද? යන්න තවම අභිරහසකි.
ලෝකයම කැළඹූ ලෝක යුද්ධ, හිට්ලර්ගේ නැගීම, 9/11 හි ඛේදනීය සිදුවීම්, ඩයනාගේ හදිසි මරණය , සුනාමි ව්‍යසනයන් 2014 දී ඉබෝලා වසංගතය මෙන්ම ට්‍රම්ප්ගේ බල සම්ප්‍රාප්තිය ඔහු කල් ඇතිව දන්වා සිටියේය.
එක් මිනිසෙකු අනාගතය දක්වා මෙතරම් නිවැරදිව දකින්නේ කෙසේද? යන්න පුදුම සහගතය. තමන්ගේ අනාවැකි සරල භාෂාවෙන් නොව ප්‍රහේළිකා ආකාරයේ කවි වලින් රචනා කිරීමට ඔහු කටයුතු කළ අතර එසේ කළේ අනාගතය හරියටම කලින් දැනගැනීම අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරවන්නක් වියහැකි නිසා බව ඔහු කියා තිබේ. කෙසේ වෙතත් ඔහුගේ අනාවැකි ප්‍රහේලිකා කවි විවිධ අය විසින් නැවත අර්ථ ගන්වමින් පොතපත රචනා කර ඒවා පහදාදීම් කර තිබේ.
නොස්ත්‍රදාමුස්ට අනුව 2020 සිදුවන්නේ කවර දේවල්ද යන්න උණුසුම් මාතෘකාවකි. නොස්ත්‍රදාමුස් 3 වන ලෝක යුද්ධය 2020 පුපුරා යනු ඇතැයි පුරෝකථනය කර ඇත. නමුත් එය ගෝලීය වශයෙන් නොව මැද පෙරදිග විනාශකාරී ගැටුමක් ඇති වන්නක් වන බවත් එය 2020 සිට 2021 දක්වා පවතිනු ඇති බවත් ඔහු පවසා ඇත.මේ දිනවල ඉරානය හා ඇමරිකාව අතර අර්බුදය දැනටමත් මෙහි උණුසුම ලෝකයට පළ කර ඇත.
ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට එරෙහිව කැරැල්ලක් ඇතිවන බවත් අවසානයේ ට්‍රම්ප් එයින් ජයගන්නා බවත් පුරෝකථනයක් තිබේ.
එසේම 2020 නොවැම්බර් මස පවත්වන ජනපතවරණයෙන් ජනපති ට්‍රම්ප් නැවත ජයගනු ඇති බවත් පවසා ඇත. ඔහු විශ්වාස නොකළ පරිදි ෆ්ලොරිඩා ප්‍රාන්තයද මෙවර ජයගනු ඇතැයි අනාවැකියේ සදහන්ය. මේ අතර ඇමරිකාව හා චීනය අතර වෙළෙද අර්බුද උග්‍රවනු ඇති බවට අනාවැකි පළව ඇත.
විහාල දේශගුණික විපර්යාස ඇතිවන වසරක් ලෙස 2020 නොස්ත්‍රදාමුස් හදුන්වාදී ඇත. විශේෂයෙන්ම සිදුවිය හැකි ස්වාභාවික අනතුරු කිහිපයක් නිසා ලෝකයම මේ වසරේ ඉන්දියාව හා ජපානය ගැන කතාකරනු ඇති බවත් දන්වා තිබේ. නොස්ත්‍රදාමුස්ගේ අනාවැකිය අනුව මෙම වසරේ ඉන්දියාවේ හා ජපානයේ දරුණු භූමිකම්පා ඇතිවීමට නියමිතය. මෙම භූමිකම්පා නිසා ජපානයේ පවත්වන්නට දිනයොදා ඇති ටෝකියෝ ඔලිම්පික් උළෙලට පවා බලපෑම් ඇතිවිය හැකි බවට අනතුරු අගවා තිබේ. කුණාටු තත්වයක් නිසා කුඩා දූපතක් දරුණු අනතුරකට ලක්වන බවත් නොස්ත්‍රදාමුස් හදුන්වා ඇති අතර එම ඇගවීම කර ඇත්තේ මියාමි යාබද දූපතකට වියහැකි යයි අනුමාන කර තිබේ.

Written by yathuralk

ලංකාවට නැවත සුනාමියක් එයිද? යන්න ගැන ඇමරිකානු විද්‍යාඥයින් කළ පර්යේෂණයේ ප්‍රතිඵල

‘කොරොනා වයිරසය මිනිසා විසින් සාදා පතුරන්නක්’ බවට පවතින සමාජ මාධ්‍ය කතාව