in

‘කොරොනා වයිරසය මිනිසා විසින් සාදා පතුරන්නක්’ බවට පවතින සමාජ මාධ්‍ය කතාව

මේ වනවිට විදෙස් රටවල් ගණනාවක සමාජ මාධ්‍ය තුළ පැතිරී යන කටකතාවක් වන්නේ කොරොනා වයිරසය පැතිරයාමේ සිදුවීම කල් ඇතිව සූදානම් කළ භයානක කුමන්ත්‍රණයක් බවයි.
ඉන් කියැවෙන්නේ වෛරසය විද්‍යාගාරයක් තුළ නිර්මාණය වී ඇති බවත් පහසුවෙන් ලබා ගත හැකි එන්නතක් මෙයට ඇති බවත් එය ඉදිරියේදී එළි කිරීමේ අදහසින් සගවා ඇති බවයි. ඒ එන්නතට “පේටන්ට් බලපත්‍රය” ලබාගෙන ඇති බවද මෙම පැතිරෙන ආරංචියෙන් දැක්වේ.
එකී පේටන්ට් බලපත්‍රයක් 2015 දී ගොනු කර 2018 දී ලබා දුන් බවටද එම ආරංචිය තුළ දැක්වේ.
සමාජ මාධ්‍යවල බෙදාගෙන ඇති මෙම තොරතුර ව්‍යාජ දත්ත මත පදනම් ගොතන ලද අසත්‍යයක් බව අන්තර්ජාලයේ සැරිසරන සත්‍ය /අසත්‍ය වාර්තා පිළිබඳ විමර්ශනයක නියැළි FactCheck.org වාර්තා කර තිබේ.
මෙම වැරදි තොරතුරු බොහෝ දෙනා නොමග යවන සුළු නිසා ඒවා ඉවත් කිරීම සඳහා ෆේස්බුක් සමඟ කටයුතු කරන බවද දන්වා ඇත.
කොරොන වයිරස් පවුලේ විවිධ වෛරස් දෙකකට සම්බන්ධ පේටන්ට් බලපත්‍රවල ඡායා පිටපත් සමඟ මෙම වාර්තාව විශ්වාස කළ හැකි ලෙස ඉදිරිපත් කර ඇතැයි දැක්වේ.
එක්සත් ජනපදය පදනම් කරගත් රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයට (සීඩීසී) අනුව, කොරෝනා වෛරස් යනු මිනිසුන් තුළ ශ්වසන රෝග සහ සතුන් තුළ ඇති විවිධ රෝගාබාධ ඇති කිරීමට හේතු වන වෛරස් සමූහයකි.
අන්වීක්ෂයක් යටතේ දකින විට ආසාදිත වෛරස් වල ඔටුන්නක් වැනි පෙනුමක් නිසා කොරෝනා යන මෙම නම යොදා ඇත.

මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛරස් පර්යේෂකයෙකු වන මැතිව් ෆ්‍රීමන් පවසා ඇත්තේ SARS වෛරසය හා සම්බන්ධිත රෝග නිවාරණයට හා කුරුළු උවදුරුවලට ගොදුරු වූ අය නිවාරණයට තැනූ ඖෂධ වර්ග දෙකක් සම්බන්ධිත යැයි කියනු ලබන මෙම පේටන්ට් බලපත්‍ර දෙකටම නව කොරෝනා වෛරසය සමඟ කිසිදු සම්බන්ධයක් නැති බවය.නව වෛරසයට අදාළ පේටන්ට් බලපත්‍රයක් හෝ නව කොරෝනා වයිරස සඳහා එන්නතක් දැනට නොමැති බව ඔහු පෙන්වා දෙයි.
නව වෛරසයේ ආරම්භය, ව්‍යාප්තිය හා බරපතලකම අවබෝධ කර ගැනීමට පර්යේෂකයන් තවමත් කටයුතු කරමින් සිටී.

Written by yathuralk

2020 නොස්ත්‍රදාමුස්ගෙන් අනාවැකි – ට්‍රම්ප් නැවත දිනයි – 3 වනලෝක යුද්ධයක් ඇතිවේ – ඉන්දියාවේ ජපානයේ භූමිකම්පාවන්

Hello world!